Sunday 28 January 2024

තොරතුරු සමාජයට වැදගත්ද?

යමක් ඔබ ඇස ගැටුණ සැණින් , ඔබේ සවනතට වැටුණ සැණින් ඒ කුමක් දැයි බැලීමට ඇසීමට ඔබ පෙළඹෙනවා නේද? එනම් පුද්ගලයා තුළ පවතින තොරතුරු දැන ගැනීමට ඇති කුතුහලය නැතහොත් ආශාවයි.මෙම ලිපිය හරහා ගෙන එන්නේ 'තොරතුරු' සමාජයට කෙතරම් වැදගත්ද යන්නයි .

තොරතුරු යනු සකස් කරන ලද දත්ත නැතහොත් කරුණු සමූහයක් යනුවෙන් සරලව අර්ථ දැක්විය හැකිය.මානවයා යනු තොරතුරු පිපාසයෙන් පෙලෙන සමාජ සත්ත්වයෙකි.ශරීරයට ජලය මෙන් මනසට තොරතුරු අවශ්‍ය වේ.තොරතුරු නොමැතිව සමාජයේ ජීවත්වීමට නොහැකිය.

අද වන විට තාක්ෂණය දියුණු වීමත් සමග විවිධ මූලාශ්‍ර ඔස්සේ තොරතුරු ලබා ගැනීමට මානවයාට අවකාශය පවතී.මේ හේතුවෙන් වර්තමාන සමාජය තොරතුරු සමාජයක් බවට පත්වී ඇත.එහෙයින් නූතනය වන විට තොරතුරු වැඩිවෙමින් ස්ඵෝටනය වේ.එම නිසා නිවැරදි තොරතුරු ලබා ගැනීම තරමක් අසීරු කාර්යයක් බවට පත්වී ඇත.එසේ හෙයින් සත්‍ය තොරතුරු හඳුනාගැනීම උදෙසා ග්‍රාහකයා සතුව මාධ්‍ය සාක්ෂරතාව තිබීම වැදගත් වෙයි.


නිරන්තරයෙන් මොහොතින් මොහොත පැයෙන් පැය දිනෙන් දින වෙනස්වන අලුත් වන සමාජ, සංස්කෘතික ,දේශපාලන, ආර්ථික, තාක්ෂණික හා එකී මෙකී නොකී සියලු ක්ෂේත්‍ර පිළිබඳව තොරතුරු ලබා ගැනීමට සන්නිවේදනය ඉවහල් වෙයි.තව දුරටත් පවසතොත් සන්නිවේදනය හරහා සිදු  වන්නේ තොරතුරු හුවමාරුවීමකි.

ඔබ අප ජීවත්වන මේ තොරතුරු සමාජයේ අපට රිසි අයුරින් තොරතුරු තෝරා බේරා ගෙන භාවිත කරන්නට අවකාශය පවතී.පුද්ගල, ආයතනික, ලිඛිත හා මාධ්‍ය වශයෙන් විවිධ මූලාශ්‍ර පවතී.තමන් තොරතුරු ලබා ගන්නා මූලාශ්‍රය විශ්වාසවන්ත මූලාශ්‍රයක් ද යන්න පිළිබඳව නිරන්තරයෙන් ග්‍රහකයා සැළකිරිමත් විය යුතුය.මන්ද අසත්‍ය තොරතුරු පළ වන්නට පවනින ඉඩකඩ  වැඩිවීම හේතුවෙනි.

පෙරට වඩා වේගයෙන් තොරතුරු සන්නිවේදනය වේගවත් වුවද තොරතුරු  වල අන්තර්ගතය පිළිබඳ ප්‍රශ්න අර්ථයක් පැන නගී.විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා පළවන තොරතුරු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය.ඇතැම් විට තොරතුරු පළ කරදර ඒ වගකීමක් ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවේ.හුදෙක් සමාජ මාධ්‍ය පමණක් නොව ඇතැම් අවස්ථාවල ජනමාධ්‍යයේ පවා (එක් එක් නාලිකාවල එකම ප්‍රවෘත්තිය වෙනස් ආකාරයන්ට ඉදිරිපත් කරයි) පළ කරන තොරතුරු    සත්‍ය සිතුවිලි මහා සැසඳීමේදී වෙනස් විය හැකිය.

උදාහරණයක් වශයෙන් පසුගිය 2023 වසරේ දෙසැම්බර් මස 28 වන දින  සිය දිවි නසා ගත් ආගමික අන්තවාදී පුද්ගලයා පිළිබඳව එක් එක් මාධ්‍ය තුළ විවිධ අදහස් පළ විය.එසේම ඔහුගේ නම / වයස හා අනෙකුත් සිය දිවි නසා ගත් අනුගාමිකයන් පිළිබඳව පවා පළ වූයේ විවිධ මාධ්‍ය නාලිකා තුළ විවිධ අදහස් වේ.

එම සිද්ධිය දෙස අවධානය යොමු කිරීමේදී තොරතුරු වලින් පුද්ගල මනසට කෙතරම්නම් බලපෑමක් කළ හැකිද යන්නට කදිම නිදසුනකි. එම (රුවන් ප්‍රසන්න) නමැති පුද්ගලයා සමාජයේ පුද්ගලයන්ගේ මනසට ආගමික අන්තවාදය නැමැති විෂ පොවන්නට ගත් උත්සහය කෙතරම් දුරට සාර්ථක වී ඇත් ද යන්න ඇස් පනා පිට දිස් වුණි .මෙතරම් තාක්ෂණය දියුණු ලෝකයේ මෙම පුද්ගලයා අනුව යන අනුගාමිකයන් කොපමණ සමාජයේ සිටීද?එම තොරතුරු සත්‍ය යැයි විශ්වාස කරන්නේද යන්න ඒ සිදුවීම හරහා මැනවින් විෂද විය. මෙම සිද්ධිය දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ සාක්ෂරතාවය තිබූ පමණින් පුද්ගලයා බුද්ධිමතෙක් නොවේ යන්න යි.ඒ අනුව පෙනී යන අනෙක් කරුණ නම් තොරතුරු සමාජය වෙත ප්‍රබල බලපෑමක් එල්ල කරන බවයි.

                                                               ✍ උරේෂා සෙව්මිණි 


Tuesday 4 April 2023

පන්ති දෙකක්

දහවල් ආහාරය ගැනීමෙන් අනතුරුව පොතක් කියවීමට සාලෙයහි වූ සෝපාව මත හිද ගත්තද මටත් නොදැනීම නින්ද ගොස් තිබුණි .පැයකට දෙකකට ආසන්න කාලයක් මම සුවෙස් නිදා ගත්තෙමි .පසුව නැන්දා නැගණියට කතා කළ හඬින් මා තිගැස්සී අවදි වීමි .

 

"ලොකු දුව හතරට නංගිට පන්ති තියෙනවා නංගිට වෙලාවට ෆෝන් එක හදලා දෙන්න. ඔයත් පාඩම් කරන්න ඕනෑ හොදේ'' කියමින් හොඳට ඇඳ පැළඳගත් නැන්දා සාලයට පැමිණියාය. ඇය කොහේ හෝ යාමට සැරසී සිටින බව මට පෙනිණි .

 

"සුරේෂ් පුතේ..මායි මාමයි ටවුමට පොඩ්ඩක් යනවා .බැංකුවට යන්නත් ඕනෑ ගිහින් ඉක්මනින් එනවා නංගිලා දෙන්නව පොඩ්ඩක් බලන්න "

 

"හොඳයි නැන්දෙ, පරිස්සමින් ගිහින් එන්නෙකෝ "කියමින් මැද සාලෙයහි උන් මා අතෙහි වූ පොත රැගෙන

 

කාමරයට ගියමි. මාමෙගේ මාෙටෝරිය පිටත්වෙන ශබ්දය ඇසුණි. ඒත් සමගම නැගණියන් මිදුලට දුවනවා මට ඇසුණු නිසා කාමරෙයහි වූ ජනෙල්  රෙද්ද මෑත් කර මිදුල දෙස බැලීමි. කිසිවෙක් පෙනෙන්නට නොසිටි නිසා මා කාමරෙයන් එළියට අවුත් සාලෙයහි ද පෙනෙන්නට නොසිටි නිසා මිදුලට බැස්සෙමි .

 

නෙත සිත සිසිල් කරවන සෞම්‍ය දර්ශනයකින් යුත් නිල්වන් කෙත් යායක් නැන්දාගේ නිවසෙ ඉදිරිපිට විය.

රන්වන් ගොයම් කරල් සිසාරා හමා යන සුළං දහර කෙත පමණක් නොව අපෙගේ ගත ද සනසා හමා යන්නකි.එය ගතත් සිතත් සනසන්නාවූ භාවනාවක් වැනිය .නැන්දාගේ නිවසට මා පැමිණි දින සිට දවසකට වතාවක් හෝ කෙතට ගොස් එහි සුව විඳීම මාගෙ පුරුද්දක් විය. සිව් වසරකට හෝ කොන්ක්‍රීට් වනාන්තරෙයන් මිදී ගෙමහි සුව විඳිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට තරම් මා වාසනාවන්ත වීම මට පුදුම සතුටක් ගෙන දෙන්නක් විය.

 

'ඉබ්බා දියට දැම්මම ඇන්නාවෙ කීවලු'නැගණියන් දෙදෙනාම නියෙරේ එහා මෙහා දුවමින් කිරිල්ලියන් මෙන් තම නිදහස භුක්ති විඳියි. නැන්දා නිවසේ සිටින විට කිසිවිට නැගණියන් ට සෙල්ලම් කිරීමට අවසර නොදෙන හෙයින් නැන්දා නිවසින් බැහැර යන තෙක් බලා සිටින්නේ තම නිදහස භුක්ති විඳීමටයි. තරගකාරී අධ්‍යාපන තුළ දරුවාකෙතරම් නම් පීඩනයකට ලක් වේ ද යන්න වටහා ගැනීමට මෙම නිවස තුළම උදාහරණ පවතින බව මට වැටහුණි .බාල නැගණිය මෙවර ශිෂ්‍යත්ව  විභාගයට පෙනී සිටීමට සිටින නිසා ඇයව අමතර පන්ති ගණනාවකටසහභාගි කරවමින් නිවස තුළදී ද ප්‍රශ්න පත්‍ර කරවමින් ඇයට නිදහෙස් සෙල්ලම් කිරීමට වත් ඉඩ ලබා නොදේ.

 

එසේම ලොකු නැගණිය ද මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සිටින නිසා ඇයද පත්ව ඇත්තේ එම ඉරණමටම ය . ඇයට දැන් ඉගෙනීම ද එපා වී ඇති බව ඇය නිතරම මා සමඟ කියවයි .මට ඇය දකින වාරයක් පාසා එම වදන සිහි වෙයි .මට ඇය කෙරෙහි ඇත්තේ අනුකම්පාවකි .

 

හිරු රැස් විඩාබරව ඈත අහසේ දිස් වෙයි. තවම අඳුර වැටී නැති නිසාත් ඔවුන්ගේ නිදහසට මා බාධා කිරීමට

අකමැති වූ නිසාත් මිදුෙල් සිටි මමත් වෙල්යාය දෙසට පිය නැගුවෙමි .

 

මිදුලට වී මා බලද්දී නැගණියන් දෙදෙනාම දුටු නමුත් දැන් පෙනෙන්නට ලොකු නැගණිය නොසිටි නිසා

මා මදක් තිගැස්සිණි.

 

"පොඩී......අක්කා කොහෙද ගියේ?"

 

"මෙන්න මෙතන ඉඳන් පොටෝ ගන්නවා සුරේෂ්  අයියෙ" සිනාසෙමින් ඈ කීවාය 'එවිට මගේ මුවින් ද සිහින් සිනහවක් පහළ විණි.

 

"මං බැලුවෙ කොහද කියලා පේන්න හිටපු නැති නිසා" එහා නියෙරහි බිම හිද සිටි ලොකු නැගණියට

කියමින්ම මා නියෙරහි දිගටම ගමන් කෙළමි .

 

"අයියත් එනවද ෆාටෝ එකක් ගහන්න... "යැයි ඇය ලැජ්ජාශීලීව මට පැවසීය .

 

"මට දැන්  බෑ නංගිලා ගහන්නෙකෝ "කියමින් නියර අයිනෙහි වූ කොට්ටන් ගහ යටින් මම වාඩි වීමි .

 

කෙතට මම  වෙනදා පැමිණි විටත්  දැනෙන ඒ සිසිලසින් අද ද මා ගතම දැවටී යන්නට විය. නිල්වන්  ගොයම දෙස බලා සිටි මා මහත් කල්පනාවකට වැටුණි.

 

"සුරේෂ් පුතා''විස්ස විද්‍යාලෙ තාම පටන් ගත්තෙ නැද්ද?

 

සෝමදාස මාමා මා ළගටවිත් කතා කරන තෙක් ම මට ඔහු එන හඬ නෑසුණි .මා සමග සුහදව කතා බහ කරන ගමේ අය අතුරෙන් මාව හොදින් ම හඳුනන පුද්ගලයා ඔහු යැයි කිවෙහාත් මා නිවැරැදිය. ඔහු බෙහවින්න් ලෙන්ගතු  තැනැත්තෙකි.

 

"තවම නැහැනෙ මාමෙ" කියමින් මා හිඳ සිටි තැනින් නැගිට්‍ටෙමි .

 

ඔළුව වනමින් බුලත් කෙල පසකට ගැසූ ඔහු උරෙහි වූ ලේන්සුවෙන් කට පිස දා ගත්තේ ය .

 

"දැන් ඉස්කෝලෙත් නෑනෙ..  අ‍පේ එවුන්ටත් මාත් මේ අපේ ලොකු එකී ට ඉගෙන ගන්ඩ  ඕනෑ  කියනවා ෙන් ඔය ටෙලිපෝන් එකක්. මා ළඟ තියෙන්නේ මේ ටෙලිපෝන් එක  නොවැ කතා කොරන්ඩ  ඕක හරියන්නෑලුනෙ  ඉගෙන ගන්ඩ...."

 

සෝමදාස මාමාගේ දියණිය ද නැන්දාගේ  ලොකු දියණියගේම  වයසේම විය . ඇය ද සෝමදාස මාමාගේ පසුපසින් සිටි. චීත්ත ගවුමකින් සැරසී සිටි ඇය  කොන්ඩ කරලක්  ගොතා තිබුණි .විචක්ෂණශීලී බවත් ඉගෙනීමෙයහි ඇති ආශාවත් දීප්තිමත්  දෙනෙතින් හා පැහැපත් මුහුනෙන්ම මා හඳුනා ගත්තෙමි.සෝමදාස මාමා කියූ දෙයට පිළිතුර වශෙයන් ˜ඔව් මාමේ ඔය ෆෝන් වලින් අන්තර්ජාල පහසුකම් ලබා ගන්න බැහැ ෙන්" ඉගෙන ගන්න  ඕව හරියන් නෑ මාමෙ කියමින් මා නිහඬ වීමි .

 

"දවස තිස්සෙම  පොල් ගස් බඩගාලා ගන්න තුට්ටු දෙකන් යන්තම් අපි පස්  දෙනා  කාලා ඇඳලා ඉන්නවා ඇරෙන්ඩ  ඔව්වට වියදම් කොරන්ඩ කොහේ තියෙන සල්ලිද පුතේ ඉතින් අපට "කියමින් දිග සුසුමක් හෙලු ඔහු නැවත  සාක්කුවෙන් ගෙන  බුලත් කොළයක්  කටට දමා ගත්තේ කතාවේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට ජවයක් ගන්නා  මෙනි .

 

"ඒත් ඉතින් ෙදමව්පියො වසෙයන් අපි ඔව්වා කරන්ඩ  එපැයි .මගෙ කෙල්ල ඉගෙන ගන්නත්  දස්සයෙන ඉතිං ඒකි තමා අපේ පවුල කවදහරි ‍ ‍ගොඩගන්න ඉන්නෙ "කියමින් බලාපොරොත්තු සහගත සුසුමක් ෙහලීය .

 

ඔහු කියූ ඒ වදන් තුළින්  මගෙ සිත දෙදරුම් කෑවේය . එකම පන්තියේ ' පන්ති දෙකකි ' නැන්දාගේ  දියණිය හා ඇය අතර පවතින පරස්පරතා කෙතරම් ද දුප්පත්කමත් වලිගය නැති ෙගානා වැනි .නිදහස් අධ්‍යාපනය වුවද  විටෙක අසාධාරණ වන්නේ දැයි මට හැඟිණි.

 

"අපි  ෙම් සුද්දිලගෙ දිහා  ගිහින් එන ගමන් පුතේ  ෙහට දිහාවට ටවුමට  ගොහින් ටෙලිපෝන් එකක් ගන්ඩ ඕනෑ... "

 

දිනක් පාර දිගේ මහ හඩින් කාටදෝ බනිමින්  ගැහැනු කෙනක් යද්දී ඒ ගෙම් අයට මුදල් ලබා දෙන්නිය සුද්දි බව  මීට  ෙපර  නැන්දා මා සමග කීවා මට සිහිපත් විය එය ඇසූ මගේ නෙතට කඳුළක් ඉනීය. මාමාට  නොපෙනන ලෙස මම කඳුළු පිස දා ගත්තෙමි.මෙය ෙකතරම් නම්  ෙඛ්දවාචකයක් ද මා ළඟ වැඩිපුර දුරකථනයක් තිබුණා නම් මා එය ෙමවන් ඉෙගන ගන්නා ළමයෙක්ට ලබාදීමට කිසිසේත්  මැලි වන්නේ නැත. එම  උදව්ව කිරීමට මට නොහැකිවීම මෙග් සිතට වද ෙදන්නක් විය .

 

"දැන් ඉතින් ඔව්වට සල්ලි දාන්නත් ඕනලුනෙ  . එව්වටත් ඉතින් සල්ලි ෙහායන්ඩ එපැයි   කියමින්  දිග සුසුමක් හෙලූ ඔහු ෙම් වසංගතත්  ඇවිත් දුප්පත් අපේ බඩටම ෙන් පුතේ පහර ගහන්නේ''කියමින් ඔහු  කතාව නතර කළේය.

 

මා එම අවස්ථාවේදී ඔහුට කිව යුත්තේ කුමක්ද යන්න මට සිතාගත ෙනාහැකි විය. ඒ තරම්ම මගේ සිත පාරන්නට විය .

 

"ඔව් මාමෙ...  ඒක ඇත්ත'' කියමින්  ඔහු ව සාධාරණය කරනවා හැර වෙන කිසිවක්  කීමට මට අදහසක් ආවේ නැත .

 

අපි එහෙනම් ගොහින් එන්නම් පුතේ

 

"හොඳයි මාමේ මොනා හරි උදව්වක් මගෙන් ඕනැ  වුනොත්  එන්න. මං උදවු කරන්නම් "යැයි කියනවා හැර මට  මේ  අවස්ථාවේ කළ හැකි  වෙනත් උපකාරයක් නොවීය .

 

"බොහෙ‍ාම පිං පුතේ ඔය වචන වලටත් , අපි යනවා එහෙනම් උවමනාවක් වුනොත් එන්නම් පුතේ"

 

 "හොඳයි මාමේ " කියමින් මම ඔවුන් කතාගේ කතා බහට සමු දුන්නෙමි.

 

මෙතක් වේලා අහසෙහි වූ හිරු එළිය වහා නැතිවී ෙගාස් අහස පුරා වැසි අදුර පැතිරුණි.

 

සිහින්  වැහි පොද  ද සිරුරට වැටුණු  හෙයින් නැඟණියන් දෙදෙනා ද කැටුව ඉක්මනින් නිවසට දිව්වෙමු .

 

ඉන් අනතුරුව විදුලි කොටමින් ගොරවමින් මහවැස්සක් ඇද හැලෙන්නට විය.

 

 

 

                                                                                   නිමි .

උරේෂා සෙව්මිණි 










Friday 10 March 2023

සොබාදම










 

සෙනෙහස

 




 

වසර 25කට ආසන්න කාලයක් රාජ්‍ය සේවයේ නියතුවුවත් මාහට ලැබෙන මාසික වේතනය ප්‍රමාණවත් වූයේ බිරිඳත් මටත් පුතාටත් කා බී ඇඳ පැළඳ සිටීමට පමණි.බැංකු ණයක් ද ලබාගෙන යන්තම් ඉන්න හිටින්න පුංචි ගේ පොඩ්ඩක් හදාගන්නනට අප දැරූ වෙහෙස සුඵපටු නොවේ. මා ලද වේතනය සකසුරුවම් ලෙසින් භාවිත කිරීමටත් සතුටින් ජීවත් වීමටත්  මගේ බිරිද පුරුදු වී සිටීම මට මහත් වූ අස්වැසිල්ලක් විය.

(ජීවිතේ සාගරේ පාවෙමින් යන ඔරුව ගල් පරක ගොස් හැපී බිදෙන්නට වුව නපුර)

එහෙත් ටික කලකට පසු මගෙ පුංචි පැළට කණකොකා හඬලන්නට විය.නිවසේ සියලු වැඩපල කරමින් දරුවාද ආදරෙන් රැක බලා ගත් ඈ මා හටද මහත් ශක්තියක් විය. එහෙත් හදිසියේම ඇයට ඇතිවූ රෝගාබාධය උත්සන්න තත්ත්වයට පත් වීමත් සමඟම ඇය ඔත්පල තත්ත්වයට ඇද වැටුණි .වසර ගණනක් මා මහසියෙන් රැස් කළ ධනය එක්කොට අමාරුවෙන් සාදා ගත් අපේ පුංචි  නිවසද උකස් කොට ඇයට බෙහෙත් කිරීමට මා දෙරක් සිතුවේ නැත. එහෙත් අවාසනාවකට ඒ බෙහෙත් වලින්ද ඈට ගුණයක් නොවීය. ඇගේ වැඩවත් දැන් තනියම කර ගන්නට නොහැකිය. ඇය එසේ ඇදේ වැතිර සිටිනු දකින දකින වාරයේ මාගේ හදවත දෙකඩ වී යයි.එය ඇයට පමණක් නොව මටද දරාගත නොහැකි දුකක් විය.

එතැන් පටන් මා පාන්දර 4ට අවදි  වී ඇගේ සාත්තු සප්පායම්ද පුතාගේ වැඩ කටයුතුද ගෙදර වැඩද තනිවම ඉටු කළත් කිසිම දිනක ඈ කෙරෙහි තරහක් මා සිතට ආවේද නැත. පුතා කුඩා වුවත් තම මවට ආදරයෙන් සැළකීමට සෑම විටම කටයුතු කිරීම මටද මහත් සතුටක් විය.මටත් කමලාටත් ඉන් පසු එකම සැනසීම වූයේ පුතා පමණි.

"පුතා ... ඉක්මනට ලැස්ති වෙන්න.අද ඔයා නිසා පරක්කු වෙන්නෙ ඔන්න .මටත් අද ලොකු සර්ගෙන් බැනුම් තමා"

" හරි තාත්තා මං ලෑස්තියි "

"හොඳ පුතා,යමු එහෙනම් .අපි ගිහිම් එන්නම් කමලා කෑම ටික කාලා බෙහෙත් ටික වෙලාවට බොන්න. එන ගමන් මං අනිත් බෙහෙත් ටිකත් අද අරන් එන්නම් ." කියා ඇගේ හිස අතගා මා මිදුලට පැමිණ සයිකලයට නැග්ගෙමි .පුතා අම්මටද වැද මා හටද වැඳ ඉක්මනින්  සයිකලයට නැග්ගේය.

 

නගරයේ ඇති ජනප්‍රිය පාසලට මගේ පුතා ඇතුළත් කර ගැනීමට හැකි වීම ආඩම්බරයට කරුණක් වූයේ ගමේ අනෙක් අයට එම පාසලට දරුවන් ඇතුළත් කිරීම හීනයක් වූ නිසාවෙනි.ඒ මන්ද යත් එම පාසල බොහෝ බලය ඇති පන්තියේ දෙමාපියන්ගේ දරුවන්ට  අයත් වූ නිසාවෙනි .කෙසේ නමුත් එම  වාසනාව මගේ පුතාටද ලැබුණෙ මා එම පාසලේ සේවය කරන නිසා බව මා හොඳාකාරවම දනී .ඔහු මා සේවය කරන තැනම තබා ගැනීමට හැකි වීම නිසා මාද ඔහුව නිතර බැලීමටත් ඔහුද මා සොයා පැමිණීමටත් පුරුද්දක් එකල පැවතුණි .

 

පාසලේ ත්‍යාග ප්‍රධාන උත්සවයේ අනෙක් දරුවන් අබිබවා දක්ෂතම ශිෂ්‍යයා ලෙසින් තයාග ලබන විට මා හට නිම් හිම් නැති සතුටක් ජනිත වන්නට විය.පියෙකු ලෙස මා එතරම් වාසනාවන්ත වුවත් මගේ බිරිඳ මවක් ලෙස එම සතුට දෙනෙතින් දැක ගැනීමට නොහැකි වීම පිළිබඳ පසුතැවිල්ලක් මා සිතෙහි කැකැරෙන්නට විය.ඇයට එම අවස්ථාව දෑසින් දැක බලා ගන්නට නොහැකි වුවත් එතන සිදු වූ සියල්ල පුතා ගෙදර ඇවිත් තම මවට පැවසීම නිසා ඇයට එය පරිකල්පනය කොට රසවිඳින්නට අවස්ථාව ලැබුණි.

"අම්මේ මේ බලන්නකො අද මට හම්බුණ තෑගි ලොකු සර් මට සහතිකේකුත් දුන්නා හරිම ලස්සනයි නේද අම්මෙ "

කමලා ඔහුගේ වදන් අසමින් තෑගි දෙසද හරි ආදරයෙන් බලා සිටින අතරේ ඇගේ කම්මුල් රූරා කඳුළු බිඳුවක් වැටෙද්දීම ඇය අත ඔසවා එය සගවා ගන්නට උත්සහ කළද

"ඇයි අම්මෙ මේ අඬන්නෙ අම්මට සතුටු නැද්ද "

"නෑ  මගෙ පුතේ මං අඬන්නෙ සතුට වැඩි කමට " කියා ඇය පුතාව සිඹ තුරුල් කර ගත්තාය.ඔවුන්ගේ කතාවට මට මැදිහත් වෙන්න සිතුණත් ඔවුන් දෙස බලද්දි මගේ හදවතේ තෙතමනය වැඩි වී එය දෑසින් පිට වන නිසා දොර රෙද්ද මෑත් කර බලා සිටි මා එතනින් පිටවුණෙමි.

ටික වේලාවකින් මා නැවත කාමරයට පැමිණෙන විට ඔහු මවට තුරුල් වී සැපසේ නිදා සිටියේය.මාද ගොස් ඇඳ මත ඉඳ ගත්තේ කමලා සමඟ කතා බස් කිරීමයි.ඇය මා කියන්නට සිටි දේ දිවැසින් දැක්කා මෙන් ඇයම කතාවට මුල පිරුවාය.

"පුතාට හොඳට උගන්නන්න ඕන සනත්. අපිට තියෙන එකම සැනසීම පුතා  "

"ඔව් කමලා මාත් මේ කියන්න ආවේ ඒ ගැනම තමා .ලොකු සර් මට අද අඬගහලම කියුවා පුතාව ඉංග්‍රීසි පන්තියකට දාලා හොඳට උගන්නන්න කියලා ."

"ඒත්... අපිට ඒවට වියදම් කරන්න සල්ලි?"

"ම්ම්ම් ලොකු සර්ලගෙ ළමයින්ව පන්ති එක්ක යන්න මට එන්න කියලා අද සර් මට කියුවා ඔන්න .ඒකත් හොඳයි මට තව කීයක් හරි හොයා ගන්න පුළුවන් නෙ.අනික ඉතින් මං හවස්වරුවෙ නිකන් ඉන්න එකනෙ,ඔයා මොකද කියන්නෙ ඒ ගැන "

"මං නම් කැමති නෑ ඔයා ඔච්චර මහන්සි වෙනවට ගෙදරත් මහන්සි වෙලා රස්සාවෙත් මහන්සි වෙලා ආයෙත් හවසත් මහන්සි වෙන්න පුළුවනෑ "

"මේක ඉතිම් බර වැඩක් නෙමේනෙ කමලා .අනික ඒකෙන් හම්බෙන සල්ලි පුතාව පන්ති වලට දාලා වැඩිපුර උගන්නන පුළුවන් නෙ "

කියා ගන්නට බැරිව ගොලු වූ වචන ගොඩක් හිතේ තැන්පත් කර ගත් ඇය කිසිත් නොකියා මා දෙස බලාසිටියාය.

*                             *                                         *                                       *

පෙර මෙන් දැන් වැඩ කරන්නට මගේ ගතේ ශක්තිය නැතත් හිතේ වීරියෙන් මම වෙනදා රාජකාරි ඉටු කළෙමි.වෙනදා මා පාසල් ගියේ පුතාවත් සයිකලේ තබාගෙන වුවත් දැන් ඔහු හැඩි දැඩි ඉලන්දාරියෙකි.එහෙයින් ඔහුව තබාගෙන සයිකලය පදින්නට මට ශක්තිය නැත.එහෙත් මා ඹහුට එ් ගැන පවසන්නටත් ප්‍රථම ඔහු දැන් පාසල් යන්නේ මා සමඟ නො ව යහළුවන් සමඟයි.දෙමාපියන්ව තේරුම් ගන්නා පුතෙක් මට ඉන්නවායැයි මගේ හිතට ආඩම්බරයක් ඇති විය.

එහෙත් කාලයක් ගතවෙත් ම වෙනදා මෙන් මාව පාසලේ දකින විට කතා නොකර මග අරින්නටත් ගෙදරදිත් පෙර මෙන් ඔහු අප සමඟ කතා නොකිරීමත් කාලය ගත කිරීමට නොසිටීමත් මගෙත් කමලාගෙත් සිතට සියුම් වේදනාවක් ගෙන දෙන්නක් විය.

දිනක් කමලා මේ පිළිබදව පුතාගෙන් විමසන්නට කටයුතු කළාය.

"පුතේ....."

"ඇයි අම්මෙ..."

"මෙහෙට පොඩ්ඩක් එන්න පුතේ මට ඔයත් එක්ක කතා කරන්න ඕන "

"කියන්න අම්මෙ "

ඉස්සෙල්ලම මෙතනින් වාඩි වෙන්නකො

"පුතේ, ඔයා දැන් ඉස්කොලෙ යද්දී තාත්තා එක්ක යන්නෙත් නෑ එහෙදි  කතා කරන්න යන්නෙත් නෑ .තාත්තව මග අරින්න හදන්නවා වගේ කියලා මට තාත්තා කියපු විදියෙන් තේරුණේ .ඇයි පුතේ ඒ? "

"අම්මෙ, අම්මා දන්නවනෙ මගෙ ඉස්කෝලෙ යාළුවො ඔක්කොටම ලොකු ලොකු රස්සා කරන අම්මලා තාත්තලා ඉන්නෙ .... ඉතින් මගෙ තාත්තා අපේ ඉස්කෝලෙ පියන් කියලා මං කොහොමද ඒගොල්ලන්ට හඳුන්වලා දෙන්නෙ ?" 

ඔවුන්ගේ කතාව මා සාලයේ සිට අසා සිටියෙමි.ඔහුගේ මුවින් පිටවූ වචනයක් වචනයක් පාසා මගේ හදවත කෑලි කෑලි වලට ඉරා දමන්නාක් මෙන් හැඟීමක් මා සිතෙහි ඇති විය. එය මට දරා ගන්නට නොහැකි තරමේ ලොකු වේදනාවකි.

පුතා ඒ වදන් පවසා ඔහුගේ කාමරය තුළට යනවා මං යන්තමින් දැක්කෙමි. එහෙත් මා සිත තුළට පැමිණි හැගීම් සමුදායම සිර කර තබා ගත්තෙමි. විනාඩි කිහිපයක් යනතෙක් මට පියවි සිහියටවත් පැමිණෙන්නට නොහැකි විය. කමලා මෙය කෙසේ දරා ගන්නේද යන්න මට සිතා ගතවත් නොහැකි විය. මා සාලයෙන් කාමරයට යද්දීම ඈ ඒ සිදුවීම මගෙන් වසන් කරන්නාක් මෙන් කඳුළු පිස දා ගත් සැටි මා දුටුවෙමි.එ නිසා මා ඈ සමගද ඒ පිළිබඳ කතා නොකරම නින්දට වැටුණි. ඒ මුවින් පිට වූයේ වචන ස්වල්පයක් වුවත් එය මා හට වැදුණු පිහි පහරවල් දහසක් මෙන් විය.

පුතාට සා.පෙළ ට තිබ්බේ මාස කිහිපයක් නිසා ඔහු උදේම පාසලට යන්නටත් මා ඊට පසු යාමටත් සැරසුණේ ඔහු මා සමඟ යාමට අකමැති නිසාවෙනි.ඹහු පැවසූ දෙයෙහිද අසත්‍යක් නොමැති බවත් හැකි තරමින් පාසල තුළ අමුත්තෙකු ලෙසත් මා ඹහුව දකින්නට උත්සහ ගතිමි.

 කමලාගේද වැඩ කටයුතු කර බලද්දී වෙනදාට වඩා මා බෙහෙවින් ප්‍රමාද වී තිබුණි

"කමලා අදනම් මං ගොඩක් පරක්කුයි .මං ගිහිම් එන්නම් පරිස්සමෙන් ඉන්න "

"පරක්කු වුණාට වේගෙන් යන්න එපා .පරිස්සමෙන් ගිහින් එන්න සනත්"

"හරි හරි කමලා"  පවසා බෑගයද ගෙන සයිකලයට නැග්ගෙමි.

 

පාරේ වාහනද ඒ වෙලාවේ අඩුවෙන් තිබූ නිසාත් ප්‍රමාද වී තිබීම නිසාත් මා ලෑල්ලට පාගා ගියෙමි. මහ පාරට සයිකලය දමද්දීම විශාල ලොරියක් මා දෙසට එන බව දැනුණත් මා එවිට ප්‍රමාද බව මට හැගිණි.

 

දෑස් ඇර  මා බලද්දී  සිටියේ රෝහලේය.ලොකු සර් මගේ පුතාත් සමඟ ඇද අස සිටිනු මා අවසිහියෙන් මෙන් දුටුවෙමි. මගේ ඇඟ පුරා කටු ගසා ඇති බවත් මගේ හදවත මැශිමකට සවි කර ඇති බවත් මට දැනුණි.

 

"තාත්තේ...." කියා පුතා මගේ හිසට අත තබා මොකක්දෝ කියන්නට සැරසෙනවා යැයි මට හැගුණි .එහෙත් ඔහුගේ වචන වලට වඩා කඳුළු වේගවත් විය.

ම‍ගේ හදවත ද මොහොතනට නතර විය.

මට කතා කරන්නට වුවමනා වුවත් වචන පිට වෙන්නේ නැති යැයි මට හැගුණද  බොහොම අමාරුවෙන්,

"පුතේ.... එ..යා..ලා ..දැන ...ග ත් ...ත ද .." ආසනවාත් සමගම සියලු හැගීම් ද හදවතේ තැන්පත් කර ගෙන මගෙ ආදරණීය බිරිදත් පුතාත් මෙලොව තනිකර දමා මා දෑස් පියා ගත්තෙමි.


නිමි.

✍ උරේෂා සෙව්මිණි 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

තොරතුරු සමාජයට වැදගත්ද?

යමක් ඔබ ඇස ගැටුණ සැණින් , ඔබේ සවනතට වැටුණ සැණින් ඒ කුමක් දැයි බැලීමට ඇසීමට ඔබ පෙළඹෙනවා නේද ? එනම් පුද්ගලයා තුළ පවතින තොරතුරු දැන ගැනීමට ඇති ...