දහවල් ආහාරය ගැනීමෙන් අනතුරුව පොතක්
කියවීමට සාලෙයහි වූ සෝපාව මත හිද ගත්තද මටත් නොදැනීම නින්ද
ගොස් තිබුණි .පැයකට දෙකකට ආසන්න කාලයක් මම සුවෙස් නිදා ගත්තෙමි .පසුව නැන්දා
නැගණියට කතා කළ හඬින් මා තිගැස්සී අවදි වීමි .
"ලොකු දුව හතරට නංගිට පන්ති තියෙනවා
නංගිට වෙලාවට ෆෝන් එක හදලා දෙන්න. ඔයත් පාඩම් කරන්න ඕනෑ
හොදේ'' කියමින් හොඳට ඇඳ පැළඳගත් නැන්දා සාලයට
පැමිණියාය. ඇය කොහේ හෝ යාමට සැරසී
සිටින බව මට පෙනිණි .
"සුරේෂ් පුතේ..මායි මාමයි ටවුමට පොඩ්ඩක්
යනවා .බැංකුවට යන්නත් ඕනෑ ගිහින් ඉක්මනින් එනවා නංගිලා දෙන්නව
පොඩ්ඩක් බලන්න "
"හොඳයි නැන්දෙ, පරිස්සමින්
ගිහින් එන්නෙකෝ "කියමින් මැද සාලෙයහි උන් මා අතෙහි වූ පොත රැගෙන
කාමරයට
ගියමි. මාමෙගේ මාෙටෝරිය පිටත්වෙන ශබ්දය ඇසුණි. ඒත් සමගම නැගණියන් මිදුලට දුවනවා මට ඇසුණු නිසා කාමරෙයහි වූ ජනෙල්
රෙද්ද මෑත් කර මිදුල දෙස බැලීමි. කිසිවෙක් පෙනෙන්නට නොසිටි නිසා මා කාමරෙයන් එළියට අවුත් සාලෙයහි ද පෙනෙන්නට නොසිටි නිසා මිදුලට
බැස්සෙමි .
නෙත
සිත සිසිල් කරවන සෞම්‍ය දර්ශනයකින් යුත් නිල්වන් කෙත් යායක් නැන්දාගේ නිවසෙ
ඉදිරිපිට විය.
රන්වන්
ගොයම් කරල් සිසාරා හමා යන සුළං දහර කෙත පමණක් නොව අපෙගේ ගත ද සනසා හමා යන්නකි.එය
ගතත් සිතත් සනසන්නාවූ භාවනාවක් වැනිය .නැන්දාගේ නිවසට මා පැමිණි දින සිට දවසකට
වතාවක් හෝ කෙතට ගොස් එහි සුව විඳීම මාගෙ
පුරුද්දක් විය. සිව් වසරකට හෝ කොන්ක්‍රීට් වනාන්තරෙයන් මිදී ගෙමහි සුව විඳිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට තරම් මා වාසනාවන්ත වීම මට
පුදුම සතුටක් ගෙන දෙන්නක් විය.
'ඉබ්බා දියට දැම්මම ඇන්නාවෙ කීවලු'නැගණියන්
දෙදෙනාම නියෙරේ එහා මෙහා දුවමින් කිරිල්ලියන් මෙන් තම නිදහස
භුක්ති විඳියි. නැන්දා නිවසේ සිටින විට කිසිවිට නැගණියන් ට සෙල්ලම් කිරීමට අවසර
නොදෙන හෙයින් නැන්දා නිවසින් බැහැර යන තෙක් බලා
සිටින්නේ තම නිදහස භුක්ති විඳීමටයි. තරගකාරී අධ්‍යාපන තුළ දරුවාකෙතරම් නම් පීඩනයකට
ලක් වේ ද යන්න වටහා ගැනීමට මෙම නිවස තුළම උදාහරණ පවතින බව මට වැටහුණි .බාල නැගණිය මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සිටින නිසා ඇයව අමතර පන්ති
ගණනාවකටසහභාගි කරවමින් නිවස තුළදී ද ප්‍රශ්න පත්‍ර කරවමින් ඇයට නිදහෙස් සෙල්ලම්
කිරීමට වත් ඉඩ ලබා නොදේ.
එසේම
ලොකු නැගණිය ද මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සිටින නිසා ඇයද පත්ව ඇත්තේ
එම ඉරණමටම ය . ඇයට දැන් ඉගෙනීම ද එපා වී ඇති බව ඇය
නිතරම මා සමඟ කියවයි .මට ඇය දකින වාරයක් පාසා එම වදන සිහි වෙයි .මට ඇය කෙරෙහි
ඇත්තේ අනුකම්පාවකි .
හිරු
රැස් විඩාබරව ඈත අහසේ දිස් වෙයි. තවම අඳුර වැටී නැති නිසාත් ඔවුන්ගේ නිදහසට මා
බාධා කිරීමට
අකමැති
වූ නිසාත් මිදුෙල් සිටි මමත් වෙල්යාය දෙසට පිය නැගුවෙමි .
මිදුලට
වී මා බලද්දී නැගණියන් දෙදෙනාම දුටු නමුත් දැන් පෙනෙන්නට ලොකු නැගණිය නොසිටි නිසා
මා
මදක් තිගැස්සිණි.
"පොඩී......අක්කා කොහෙද ගියේ?"
"මෙන්න මෙතන ඉඳන් පොටෝ ගන්නවා
සුරේෂ් අයියෙ" සිනාසෙමින් ඈ කීවාය 'එවිට
මගේ මුවින් ද සිහින් සිනහවක් පහළ විණි.
"මං බැලුවෙ කොහද කියලා පේන්න හිටපු නැති
නිසා" එහා නියෙරහි බිම හිද සිටි ලොකු නැගණියට
කියමින්ම
මා නියෙරහි දිගටම ගමන් කෙළමි .
"අයියත් එනවද ෆාටෝ එකක් ගහන්න...
"යැයි ඇය ලැජ්ජාශීලීව මට පැවසීය .
"මට දැන් බෑ නංගිලා ගහන්නෙකෝ "කියමින් නියර අයිනෙහි
වූ කොට්ටන් ගහ යටින් මම වාඩි වීමි .
කෙතට
මම වෙනදා පැමිණි විටත් දැනෙන ඒ සිසිලසින් අද ද මා ගතම දැවටී යන්නට
විය. නිල්වන් ගොයම දෙස බලා සිටි මා මහත්
කල්පනාවකට වැටුණි.
"සුරේෂ් පුතා''විස්ස
විද්‍යාලෙ තාම පටන් ගත්තෙ නැද්ද?
සෝමදාස
මාමා මා ළගටවිත් කතා කරන තෙක් ම මට ඔහු එන හඬ නෑසුණි .මා සමග සුහදව කතා බහ කරන ගමේ
අය අතුරෙන් මාව හොදින් ම හඳුනන පුද්ගලයා ඔහු යැයි කිවෙහාත් මා නිවැරැදිය. ඔහු
බෙහවින්න් ලෙන්ගතු තැනැත්තෙකි.
"තවම නැහැනෙ මාමෙ" කියමින් මා හිඳ
සිටි තැනින් නැගිට්ටෙමි .
ඔළුව
වනමින් බුලත් කෙල පසකට ගැසූ ඔහු උරෙහි වූ ලේන්සුවෙන් කට පිස දා ගත්තේ ය .
"දැන් ඉස්කෝලෙත් නෑනෙ.. අපේ එවුන්ටත් මාත් මේ අපේ ලොකු එකී ට ඉගෙන
ගන්ඩ ඕනෑ
කියනවා ෙන් ඔය ටෙලිපෝන් එකක්. මා ළඟ තියෙන්නේ මේ ටෙලිපෝන් එක නොවැ කතා කොරන්ඩ ඕක හරියන්නෑලුනෙ ඉගෙන ගන්ඩ...."
සෝමදාස
මාමාගේ දියණිය ද නැන්දාගේ ලොකු
දියණියගේම වයසේම විය . ඇය ද සෝමදාස මාමාගේ
පසුපසින් සිටි. චීත්ත ගවුමකින් සැරසී සිටි ඇය
කොන්ඩ කරලක් ගොතා තිබුණි
.විචක්ෂණශීලී බවත් ඉගෙනීමෙයහි ඇති ආශාවත් දීප්තිමත් දෙනෙතින් හා පැහැපත් මුහුනෙන්ම මා හඳුනා
ගත්තෙමි.සෝමදාස මාමා කියූ දෙයට පිළිතුර වශෙයන් ˜ඔව් මාමේ ඔය ෆෝන් වලින් අන්තර්ජාල
පහසුකම් ලබා ගන්න බැහැ ෙන්" ඉගෙන ගන්න
ඕව හරියන් නෑ මාමෙ කියමින් මා නිහඬ වීමි .
"දවස තිස්සෙම පොල් ගස් බඩගාලා ගන්න තුට්ටු දෙකන් යන්තම් අපි
පස් දෙනා
කාලා ඇඳලා ඉන්නවා ඇරෙන්ඩ ඔව්වට වියදම්
කොරන්ඩ කොහේ තියෙන සල්ලිද පුතේ ඉතින් අපට "කියමින් දිග සුසුමක් හෙලු ඔහු
නැවත සාක්කුවෙන් ගෙන බුලත් කොළයක්
කටට දමා ගත්තේ කතාවේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට ජවයක් ගන්නා මෙනි .
"ඒත් ඉතින් ෙදමව්පියො වසෙයන් අපි ඔව්වා
කරන්ඩ එපැයි .මගෙ කෙල්ල ඉගෙන ගන්නත් දස්සයෙන ඉතිං ඒකි තමා අපේ පවුල කවදහරි ගොඩගන්න
ඉන්නෙ "කියමින් බලාපොරොත්තු සහගත සුසුමක් ෙහලීය .
ඔහු
කියූ ඒ වදන් තුළින් මගෙ සිත දෙදරුම් කෑවේය
. එකම පන්තියේ ' පන්ති දෙකකි ' නැන්දාගේ දියණිය හා ඇය අතර පවතින පරස්පරතා කෙතරම් ද
දුප්පත්කමත් වලිගය නැති ෙගානා වැනි .නිදහස් අධ්‍යාපනය වුවද විටෙක අසාධාරණ වන්නේ දැයි මට හැඟිණි.
"අපි
ෙම් සුද්දිලගෙ දිහා ගිහින් එන ගමන්
පුතේ ෙහට දිහාවට ටවුමට ගොහින් ටෙලිපෝන් එකක් ගන්ඩ ඕනෑ... "
දිනක්
පාර දිගේ මහ හඩින් කාටදෝ බනිමින් ගැහැනු
කෙනක් යද්දී ඒ ගෙම් අයට මුදල් ලබා දෙන්නිය සුද්දි බව මීට
ෙපර නැන්දා මා සමග කීවා මට සිහිපත්
විය එය ඇසූ මගේ නෙතට කඳුළක් ඉනීය. මාමාට
නොපෙනන ලෙස මම කඳුළු පිස දා ගත්තෙමි.මෙය ෙකතරම් නම් ෙඛ්දවාචකයක් ද මා
ළඟ වැඩිපුර දුරකථනයක් තිබුණා නම් මා එය ෙමවන් ඉෙගන ගන්නා ළමයෙක්ට ලබාදීමට
කිසිසේත් මැලි වන්නේ නැත. එම උදව්ව කිරීමට මට නොහැකිවීම මෙග් සිතට වද
ෙදන්නක් විය .
"දැන් ඉතින් ඔව්වට සල්ලි දාන්නත්
ඕනලුනෙ . එව්වටත් ඉතින් සල්ලි ෙහායන්ඩ
එපැයි කියමින් දිග සුසුමක් හෙලූ ඔහු ෙම් වසංගතත් ඇවිත් දුප්පත් අපේ බඩටම ෙන් පුතේ පහර ගහන්නේ''කියමින්
ඔහු කතාව නතර කළේය.
මා
එම අවස්ථාවේදී ඔහුට කිව යුත්තේ කුමක්ද යන්න මට සිතාගත ෙනාහැකි විය. ඒ තරම්ම මගේ
සිත පාරන්නට විය .
"ඔව් මාමෙ... ඒක ඇත්ත''
කියමින් ඔහු ව සාධාරණය කරනවා හැර වෙන කිසිවක් කීමට මට අදහසක් ආවේ නැත .
අපි
එහෙනම් ගොහින් එන්නම් පුතේ
"හොඳයි මාමේ මොනා හරි උදව්වක් මගෙන්
ඕනැ වුනොත් එන්න. මං උදවු කරන්නම් "යැයි කියනවා හැර
මට මේ
අවස්ථාවේ කළ හැකි වෙනත් උපකාරයක්
නොවීය .
"බොහොම පිං පුතේ ඔය වචන වලටත් , අපි
යනවා එහෙනම් උවමනාවක් වුනොත් එන්නම් පුතේ"
"හොඳයි මාමේ " කියමින් මම ඔවුන් කතාගේ කතා
බහට සමු දුන්නෙමි.
මෙතක්
වේලා අහසෙහි වූ හිරු එළිය වහා නැතිවී ෙගාස් අහස පුරා වැසි අදුර පැතිරුණි.
සිහින් වැහි පොද
ද සිරුරට වැටුණු හෙයින් නැඟණියන්
දෙදෙනා ද කැටුව ඉක්මනින් නිවසට දිව්වෙමු .
ඉන්
අනතුරුව විදුලි කොටමින් ගොරවමින් මහවැස්සක් ඇද හැලෙන්නට විය.
නිමි .
✍ උරේෂා සෙව්මිණි
❤️
ReplyDelete🤗
DeleteSuper❤
ReplyDeleteThank you ❤
Deleteලස්සන කතාවක්🔥
ReplyDeleteThank you dr
Delete💕💕
ReplyDelete🔥❤️
DeleteWow
ReplyDelete🥺❤️
ReplyDelete❤️
Delete